Tuesday, April 15, 2008

අවුරුදු

අද නම් හරිම අපූරු දවසක්. කො‍ටින්ම කිව්වොත් ‍එල දවසක්. තාම ඉතින් අවුරුදුනෙ, අපේ නැන්දල මාමල කටිටියක්ම ආවා. හරිම ජොලි සෙට් එක. ඔක්කොම එකතු වෙලා පොඩි අවුරුදු උත්සවයක් තිබ්බ.
බනිස් කෑවා, අලියට ඇස් දෙක තුනක් තිබ්බා, කොහොමහරි මුට්ටි හොයාගන්න බැරුව කිරි හට්ටි වලින් කනා හට්ටි ගැහුවා. ;)

[ මේක ටිකක් පරණ ලිපියක්. Drafts ගොඩේ තිබිල අද - 28 - ජුනි - 2008 - තමයි පල කලේ. ]

Friday, April 11, 2008

ඔන්න මාත් පටන් ගත්තා

ඔන්න මාත් කොහොමහරි සිංහල වියුණුවක් ලියන්න පටන් ගත්තා. :) සිංහලෙන් ලියන්න ලොකු ඕනකමක් තිබුනට වැඩේ පටන් ගන්න නම් ටිකක් කල් ගියා. Bud, Chanux, SeeJay, ලියන සිංහලෙන් FOSS දැක්කම තමයි වැඩේ ඉක්මන් කරන්න හිතුනෙ. අහ්.. ඇයි මලින්ත වත් මතක් කරන්නම ඕන. කොහොමහරි අද සි‍ට "Sound of Code - සටහන" නමින් මාත් ඔය මොන මොනවහරි සිංහල යුනිකේත වලින් ලියන්නයි බලාපොරොත්තුව. සිංහලෙන් ලියන ඵක නම් මට තවම අලුත් දෙයක්. තවම විජේසේකර යතුරු පුවරුව හුරු මදි. ඒනිසා සමහර අකුරු හොයා ගන්න පැයක් දෙකක් යනවා. :) ටික දවසකින් හරි යයි, බලමුකො... වැරදි ඇත්නමි කියන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන් ! ..