මහ ලොකුවට සිංහලෙන් ලියනව කියල පටන් ගත්තට මොකද මේ ලියන්නෙ ගොඩ කාලෙකට පස්සෙ. අන්තිම සටහන ලියල දැන් අවුරුද්දකටත් කිට්ටුයි. ;) ටික දවසක ඉඳල අලුත් සටහනක් ලියන්න හිතාගෙන හිටියට එක එක වැඩ නිසා ලියන එක කල් යනව. ලොකුම හේතුව තමයි මට තවම සිංහල ලියන්න ගොඩක් වෙලා යන එක. අමාරුවෙන් අකුරු හොයාගෙන ලියනකොට ලියන්න යන එකත් අමතක වෙනව. ;)
ඔහොම ඉන්න කොට මේ ළඟදි නේවි පරන සටහනක comment එකක් දාලා තිබ්බ අලුත් සටහනක් ලියන්න කාලෙ හරි කියල. කොහොමහරි ඒක දැක්කම තමයි හිතුනෙ වැඩේ ඉක්මන් කරන්න. හිතමු මේක සටහනේ පුනර්ජීවනය කියල.
මේ දවස්වල හොඳටම වැඩ වැඩියි. අධ්‍යාපන කටයුතු බහුල කාලයක් ;). හැමදාම වගේ එක්කො coursework එකක් නැත්නමි final year project එකේ වැඩක්. final year project එක ගැන නම් දැන්ම වැඩි දෙයක් කියන්න අමාරුයි. මම කරන්නෙ Human Computer Interaction වලට සමිබන්ධ වැඩක්. තවම 100% සාර්ථකත් නෑ 100% අසාර්ථකත් නෑ. ;) ඒක ගැන දැනට ඔය ඇති.
ලඟදි වෙච්ච හොඳම වැඩේ තමයි IIT Stage Craft එකට සෙට් වෙන්න ලැබිච්ච එක. මම දන්න විදිහට නම් ඒකත් එක්තරා විවිධ ප්‍රසංගයක්. ;) කොහොමහරි මෙදා පාර සිංහල skit එකේ පොඩි පාට් එකක් කරන්න පුලුවන් වුනා. වේදිකාවකට ගොඩවීමේ උන ඉස්සර ඉඳලම තියන නිසා ගොඩක් කැමැත්තෙන් තමයි ඒක කලේ. :)
ඉතින් ඔන්න ඔහොමයි 'පුනර්ජීවනය සහ මේ දවස්වල' ඉවර වෙන්නෙ.

